හමාස් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින එක්සත් රාජධානියේ වැසියන්ට සහය ලබා දෙන බවට ප්‍රකාශයක්

හමාස් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින එක්සත් රාජධානියේ වැසියන්ට සහය ලබා දෙන බවට ප්‍රකාශයක්

එක්සත් රාජධානියේ, අගමැති රිෂි සුනක් යුදෙව් ප්‍රජාවට තම සහයෝගය දැක්වීම සඳහා උතුරු ලන්ඩනයේ යුදෙව් පාසලකට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින එක්සත් රාජධානියේ වැසියන්ගේ පවුල්වලට ආධාර සැපයීම සඳහා බ්‍රිතාන්‍යය කළ හැකි සෑම දෙයක්ම කරන බවට අගමැතිවරයා තහවුරු කර ඇති බවද සඳහන් වනවා

ඊශ්‍රායලය විසින් පාලනය නොකරන ලද ප්‍රදේශයෙන් පිටත ඇති එකම හරස් මාර්ගය වන දකුණු ගාසා තීරයේ රෆා හරස් මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලා සිටීමට තමා ඊජිප්තු ජනාධිපති Abdel Fattah El-Sisi කතා කළ බවයි අගමැති රිෂි සුනක් පවසන්නේ

Share This