හමාස් සංවිධානයෙන් තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කෙරේ

හමාස් සංවිධානයෙන් තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කෙරේ

වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු වන Nurit Cooper සහ Yocheved Lifshitz හමාස් සංවිධානය විසින් නිදහස් කර තිබෙනවා

නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තවමත් රඳවාගෙන සිටින බවයි ඊශ්‍රායලය තහවුරු කරන්නේ

Yocheved Lifshitzගේ දියණිය පවසන්නේ ගාසා තීරයේ රැඳී සිටින තම පියා සහ අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම කෙරෙහි තමා අවධානය යොමු කර ඇති බවයි.

මේ වනවිට හමාස් සංවිධානය විසින් මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

අමෙරිකානු -ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු පසුගිය සිකුරාදා නිදහස් කරනු ලැබුවා

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ විස්මිත ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 222කට අධික පිරිසක් රඳවාගෙන සිටින බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ .

 

 

Share This