හමාස් සංවිධානය සමග ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

හමාස් සංවිධානය සමග ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග ගිවිසුමකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

දින හතරක සටන් විරාමයකින් පසු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බවයි ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශයක සඳහන්ව ඇත්තේ

අද (22) අලුයම දක්වා පැවති දීර්ඝ රැස්වීමකින් පසු මෙම ගනුදෙනුව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් ප්‍රාණ ඇපකරුවන් ගිවිසුමක් ඇති කර ගත්තද යුද ප්‍රයත්නය දිගටම පවතිනු ඇති බව රැස්වීමට ආරම්භ කිරීමට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඔක්තෝම්බර් 7 වැනිදා දේශසීමා තරණය කරමින් හමාස් සටන්කාමීන් විසින් 1200ක පිරිසක් මරා දමා තවත් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ළමුන් 5,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

Share This