හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් පසු සංගීත උළෙලකට සහභාගිවූ 260කගේ සිරුරු සොයා ගැනේ (VIDEO)

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් පසු සංගීත උළෙලකට සහභාගිවූ 260කගේ සිරුරු සොයා ගැනේ (VIDEO)

ගාසා තීරයට නුදුරින් නෙගෙව් කාන්තාරයේ පැවති සංගීත සැණකෙළියක් තිබූ ස්ථානයෙන් සිරුරු 260ක් සොයා ගත් බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා

සුපර්නෝවා සංගීත උළෙලෙට 3,000ක පමණ පිරිසක් සහභාගී වී ඇති බවයි පැවසෙන්නේ

එමෙන්ම සංගීත උළෙලෙට සහභාගී වූ සමහර සහභාගිවන්නන් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් සටන්කාමීන් විසින් පැහැරගත් පුද්ගලයන් අතර චීන-ඊශ්‍රායල කාන්තාවක් ද සිටි බව ඊශ්‍රායලයේ චීන තානාපති කාර්යාලය ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම වන Weibo හි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා

මේ අතර එක්සත් ජනපද සෙනෙට් සභික කෝරි බුකර් පවසන්නේ සෙනසුරාදා හමාස් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය අතරතුර තමා ඊශ්‍රායලයේ සිටි බවයි

එම අවස්ථාවේ ඔහු සමග බොහෝ අමෙරිකානුවන් සිටි බවත් සඳහන්

Share This