හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් 200ක් ඊශ්‍රායලයේ අත්අඩංගුවට

හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් 200ක් ඊශ්‍රායලයේ අත්අඩංගුවට

හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් සිය ගණනක් අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායලය පවසනවා

ඒ අනුව එම සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බවයි ඊශ්‍රායලය පවසන්නේ

එමෙන්ම ඊශ්‍රායලය සඳහන් කළේ හමාස් තුරන් කිරීමේ අරමුණින් ගාසා තීරය ආක්‍රමණය කර, හමුදා මෙහෙයුම් දියත් කළ දා සිට පලස්තීන සටන්කාමීන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි

කෙසේ වෙතත් ඊශ්‍රායලය වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමුන් ඝාතනය කරන බවයි හමාස් සංවිධානය පවසන්නේ

Share This