හමුදා කටයුතු සඳහා යොදාගත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක්

හමුදා කටයුතු සඳහා යොදාගත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක්

රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා

අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ සාකච්ඡා ලබන 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවයි

බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා

මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ

Share This