
හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක්
පුහුණු අභ්‍යාසයක් අතරතුර රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදා සෙබළුන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.
යුක්‍රේනයේ සුමි දේශසීමා කලාපයේ පුහුණු අභ්‍යාසයක එම සෙබළුන් නිරත වෙමින් සිටින අවස්ථාවේ එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ ප්‍රහාරයෙන් තවත් යුක්‍රේන හමුදා සෙබළුන් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
කෙසේවෙතත් මියගිය සෙබළුන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි යුක්‍රේන බලධාරීන් සැක පළ කරන්නේ.