හයිකුයි කුණාටුව චීනයට – 114,400ක් පමණ අවදානම් ප්‍රදේශවලින් ඉවතට

හයිකුයි කුණාටුව චීනයට – 114,400ක් පමණ අවදානම් ප්‍රදේශවලින් ඉවතට

හයිකුයි සුළි කුණාටුව චීනයේ ෆුජියන් ප්‍රාන්තය වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ හේතුවෙන් පුද්ගලයින් 114,400ක් පමණ අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ෆුජියන් හි ප්‍රදේශ කිහිපයක පැය 24 කට වැඩි කාලයක් තුළ මිලිමීටර් 300 ට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවද සඳහන් වනවා

Fuzhou නගරයේ, මෙහෙයුමක් අතරතුර ගංවතුරට හසුවීමෙන් ගලවා ගැනීමේ සේවකයින් නව දෙනෙකු රැගත් ගිනි නිවන රථයක් ගසාගෙන ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ගිනි නිවන භටයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවද රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා

Fuzhou නගරයේ මෙන්ම Xiamen, Quanzhou සහ Putian හිද පාසල් වසා දමා තිබෙනවා

Fuzhou සහ Quanzhou හි ගුවන් තොටුපල දෙකක බොහෝ ගුවන් ගමන් අවලංගු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සංචාරක ස්ථාන සහ උද්‍යාන වසා දමා ඇති අතර වරාය, වෙරළබඩ සහ ගංගා ප්‍රවාහනය අත්හිටුවා ඇති බවයි රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This