හරක් කටාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට අනුබල දීමේ නඩුවේ දෙවැනි විත්තිකරුට ඇප ඉල්ලයි

හරක් කටාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට අනුබල දීමේ නඩුවේ දෙවැනි විත්තිකරුට ඇප ඉල්ලයි

ප්‍රභල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට අධාර අනුබලදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති එම නඩුවේ දෙවනි විත්තිකරු වන රවින්ද්‍ර සන්දීප ගුණසේකර යන හිටපු පොලිස් කොස්තාපල්වරයා ඕනැම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා කොළඹ මහාධිකරණට ඇප අයැදුම්පතක් යොමු කළා.

සිය සේවාදායකයා 2023 සැප්තැම්බර් 10 වැනිදා පොලිස් නිලධාරීන් හත්දෙනෙකුට නිද්‍රාජනක ඖෂධ මිශ්‍ර කිරිටොපි ලබා දි ඇතැයි චෝදනා කළත් ඔහු එවැන්නක් සිදු නොකල බවත් එම කිරිටොපි ලබා දී ඇත්තේ රසික කුමාර නැමති පොලිස් නිලධාරීයා බව මේ වන විට අනාවරණය වී ඇති නිසාත් එම කිරි ටොපි තිත්ත රස වූ බැවින් එම නිලධාරීන් අනුභව නොකල නිසාත් මත්විමත් සිදු වී නොමැති බවට පැමිණිල්ල පෙන්වා දි ඇති බැවින් ඇප අයැදුම්පත යොමු කරමින් නීතිඥවරයා පෙන්වා දී තිබෙනව්

එමෙන්ම රස පරික්ෂකවරයාගේ වාර්තාව අනුව එම කිරි ටොපි වල meolazojam නැමති ඖෂධය ඉතා සුලු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කිරි ටොපි ලබාදිම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ නඩු පැවරිම යුක්ති සහගත නොවන බවද එම නීතිඥ වරයා පෙන්වා දුන්නා.

ඇප අයැදුම්පත මගින් අධිකරණයට නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීම නඩු විභාගයකින් තොරව ලබා දී ඇති දඬුවමක් නිසා රක්ෂිත බන්ධනාගාරගත කිරිම නොකල යුතු බවත්, ප්‍රභල නඩුවක් විම ඇප නොදි සිටිමට බාධාවක් නොවන බවයි.

ඇප ඇයැදුම් පත ලිඛිතව යොමු කරමින් එකී සුවිශේෂී කරුණු නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

Share This