හරක් කටාට එරෙහි නඩුවකට දැඩි රැකවල් මැද අධිකරණය හමුවට

හරක් කටාට එරෙහි නඩුවකට දැඩි රැකවල් මැද අධිකරණය හමුවට

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද(15) ආරම්භ වුණා.

ඒ අනුව මෙම නඩු විභාගය කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ දීයි.

මෙම නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන කර ගැනීම සිදු වූයේ රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මතයි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා තෙක් කල් තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.

Share This