හරිනිට අපහාසකළ තිස්ස අත්තනායකට එරෙහි පූර්ව නඩු විභාගය දෙසැම්බර් මුල

හරිනිට අපහාසකළ තිස්ස අත්තනායකට එරෙහි පූර්ව නඩු විභාගය දෙසැම්බර් මුල

සිය කීර්තිනාමයට අපහාස සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතාට එරෙහිව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකළ නඩුවේ පූර්ව නඩු විභාගය දෙසැම්බර් දෙවැනිදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය ඊයේ තීරණය කළා.

අග්‍රාමාත්‍යවරිය සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර, ජාතික ජන බලවේග රජයක් පිහිටුවීමෙන් පසු දළදා පෙරහැර නවත්වන බවට තමා ප්‍රකාශයක් කළ බවට තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රිවරයා අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මාවනැල්ලේ ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග දේශපාලන රැස්වීමකදී ඔහු මෙම අසත්‍ය ප්‍රකාශය සිදු කර ඇති බවත් එමඟින් පොදු ජනතාව ඉදිරියේ තමන් අවමානයට, අපවාදයට ලැජ්ජාවට හා පිළිකුලට ලක් කිරීම විත්තිකරුගේ අරමුණ වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබුණා.

කරුණු සැලකිල්ලට ගනිමින් ඒ අනුව අධිකරණය තීරණය කළේ නඩුවේ පූර්ව විභාගය දෙසැම්බර් මස දෙවැනිදා කැඳවීමටයි.

Share This