හවායි හි ඓතිහාසික නගරයක් වන Lahaina ලැව්ගිනි නිසා විනාශ වෙයි – 6ක් මරුට

හවායි හි ඓතිහාසික නගරයක් වන Lahaina ලැව්ගිනි නිසා විනාශ වෙයි – 6ක් මරුට

හවායි දූපතේ Maui ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන Lahaina ලැව්ගිනි නිසා විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Maui ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුවත් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා බලධාරීහු බදාදා ප්‍රකාශ කළහ.

එමෙන්ම එම ප්‍රදේශයේ රෝහල් පිළිස්සුම් රෝගීන්ගෙන් සහ දුම් ආශ්වාසයෙන් පීඩා විඳින පුද්ගලයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවද සඳහන්

ගිනි නිවන භටයින් තවමත් ගින්න පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි පැවසෙන්නේ

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසුවේ වේගයෙන් ඇවිළෙන ගිනිදැල්වලින් බේරීම සඳහා ඇතැමුන් සාගරයට පැන ඇති බවත් බොහෝ පිරිසක් ඉන් බේරාගත් බවත්ය

Maui ප්‍රාන්තයේ නගරාධිපති Richard Bissen ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ බොහෝ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

12,000ක් පමණ ජනගහනයක් මෙම නගරයේ සිටින බවද වාර්තා වනවා

Share This