හැමදේකටම විසඳුම බදු වැඩි කිරීම නෙවෙයි – විපක්ෂ නායක

හැමදේකටම විසඳුම බදු වැඩි කිරීම නෙවෙයි – විපක්ෂ නායක

ඕනෑම ගැටලුවකට රජයේ විසඳුම වී ඇත්තේ බදු වැඩි කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ අද (29) ගම්පහ අත්තනගල්ල නිට්ටඹුව කිත්තම්මහර මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනට එක්වෙමින්

රජය IMF සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2028 සිට යළි ණය ගෙවිමට සිදුවන බවත් 2033 සිට ගෙවීමට තිබූ ණය රජයේ නොහැකියාව නිසා 2028 සිට ගෙවීමට සිදුව ඇති බවත් ඔහු එහිදී පැවසුවා

එමෙන්ම සමගි ජන බලවේග රජයක් තුළ නව ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරිමට විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ඇති කරන බවත් අපනයන කේන්ද්‍රිය ආර්ථික වර්ධනයක් උදෙසා ජන සමාජයේ සියලු පාර්ශ්වකරුවන් එකතු කර ගන්නා බවත් එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා

Share This