හැරී – මේගන් යුවළට වැඩ වරදින ලකුණු – නිවසිනුත් පිටවන්නැයි රජුගෙන් නියෝග

හැරී – මේගන් යුවළට වැඩ වරදින ලකුණු – නිවසිනුත් පිටවන්නැයි රජුගෙන් නියෝග

බ්‍රිතාන්‍ය රජ පවුල විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට Windsor හි පිහිටි Frogmore Cottage වෙතින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.

තුන්වන චාල්ස් රජු විසින් අදාල තීරණය ගෙන ඇති අතර මේ බව හැරී – මේගන් යුවළගේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Windsor හි පිහිටි කාමර 10කින් සමන්විත මෙම නිවස බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරැජින විසින් හැරී කුමරුට සහ මේගන් කුමරියට විවාහය වෙනුවෙන් ලබා දුන් ත්‍යාගයක් වන අතර ඔවුන් 2020 වසරේ දී අමෙරිකාව බලා පිටත්ව යාමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවන්වල නවාතැන බවට පත් වූයේ මෙම නිවසයි.

රජ පවුල ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ රජ පවුලට විරුද්ධ මත ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම ඇතුළු කරුණු හැරී – මේගන් යුවළට මෙම නිවහන අහිමි වීමට හේතුවී ඇති බවයි වීදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

හැරී කුමරු සහ මේගන් කුමරිය ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමග මේ වන විට අමෙරිකාවේ කැලිෆෝනියාවේ ජීවත් වනවා.

 

 

Share This