හික්කඩුවේ නිවසකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් (VIDEO)

හික්කඩුවේ නිවසකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් (VIDEO)

හික්කඩුව මහමත්ත ප්‍රදේශයේ “මුතුමාල, මහවත්ත, හික්කඩුව පදිංචි මුතුමාල කුමාරසිරි යන අයගේ නිවසට නිවසට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් රාත්‍රි දහයට පමණ වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේ ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි.

වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අදාළ නිවසෙහි මැදිවියෙහි පසුවන අඹු සැමි යුවළක් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නිවසේ පදිංචි පුද්ගලයාගේ පුතුන් තිදෙනාම මේ වන විට ඉතාලියේ රැකියාව කරමින් සිටින බවත් පුද්ගලික ආරවුලක් මත යම්කිසි පාර්ශවයක් විසින් මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බවට පොලිසිය සැක පල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆි යු වුට්ලර් මහතා සඳහන් කළා.

Share This