හික්කඩුවේ වැරදුණු ඝාතන තැතට ආධාර අනුබල දුන් අයෙකු අත්අඩංගුවට

හික්කඩුවේ වැරදුණු ඝාතන තැතට ආධාර අනුබල දුන් අයෙකු අත්අඩංගුවට

හික්කඩුව, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ඝාතන තැතට සෘජුවම ආධාර අනුබල සහය දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති බවයි

වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ පලා ගොස් තිබූ අතර ඊට අධාර අනුබල දුන් දෙදෙනෙකු පසුගිය 15 වැනිදා හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා

මෙම සැකකරු විදේශයක සිට මිතුරෙකු ලබාදුන් උපදෙස් මත කුලී පදනම මත දින 03 ක් මෝටර් රථයක් ලබාගෙන‍ මෝටර් රථයෙන් වෙඩික්කරුවන්ට මඟ පෙන්වීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර ටී-56 ගිනි අවිය සහ ප්‍රවාහනය කිරීමත්, සැකකරුවන් අපරාධය සිදුකිරීමට උත්සහ දැරීමෙන් පසු ඔවුනට පලායාමට අවස්ථාව සලසා ඇති බවත් හෙළිදරව් වී තිබෙනවා

 

Share This