හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද සහ නලින් ගේ  ඇප අයදුම්පත අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද සහ නලින් ගේ ඇප අයදුම්පත අධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර තිබූ ඇප අයදුම්පත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ ප්‍රතික්‍ෂේප කළා.

ඒ අනුව ඔවුන්ටට ලැබෙන සිරදඬුවම අඛණ්ඩව ගොවීමට සිදුවනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වරදකරුවන් වුණා.

ඒ අනුව විත්තිකාර නලින් ප්‍රනාන්දුට වසර 25ක සහ මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 බැඟින් බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කිරීමටයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේ.

එම නියෝගයට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොනුකළා.

එම පෙත්සම්වලට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා විත්තිකරුවන් අමාත්‍යවරුන් මෙම ඇප අයදුම්පත ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් කරුණු සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චූදිතයින්ට ඇප ලබාදීමට ප්‍රමාණවත් තරම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කරමින් ඇප අයදුම්පත්‍රය ප්‍රතික්‍ෂේප කළා.

Share This