
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද(14) නියෝග කළා.
රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දුමින්ද දිසානායක වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ සැකකරු රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
සැකකාර දුමින්ද දිසානායකගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවට නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.