
හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහාධිකරණයෙන් ඉල්ලූ ඇප සලකා බැලීම අගෝස්තු මස 25
කැරම්බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මේ වනවිටත් බරපතල වැඩ සහිතව වසර 25ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.
කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියම කළේ ඉදිරිපත් කල අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වැනිදා කරුණු දක්වන ලෙසයි.