හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ගේ බිරිඳට අයත්  අනුරාධපුර, පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසර හෝටලය කැඩුවේ මෙහෙමයි  (VIDEO)

හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ගේ බිරිඳට අයත් අනුරාධපුර, පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසර හෝටලය කැඩුවේ මෙහෙමයි (VIDEO)

උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳට අයත් බව කියන අනුරාධපුර, පෙරමියන්කුලම වැව් රක්ෂිතය තුළ අනවසරෙන් ඉදි කළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගෙන තිබෙනවා.

ඒ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා මීට පෙර අදාළ ගොඩනැගිල්ල මසක් ඇතුළත කඩා ඉවත් කරගන්නා ලෙස දුන් නියෝගයකට අනුවයි.

උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ බිරිඳට අයත් බව කියන අනුරාධපුර පෙරිමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගෙන තිබුණා.

අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙස පසුගිය මස 18 වැනිදා මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා විසින් ඇයට ලිපියකින් දැනුම් දී තිබුණා.

එසේ කඩා ඉවත් නොකලහොත් අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටද නියෝග කළා.

ඒ අනුව මෙම ගොඩනැගිල්ල කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Share This