හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන,බිරිඳ ඇතුළු 6 කට අධි චෝදනා බාර දෙයි

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන,බිරිඳ ඇතුළු 6 කට අධි චෝදනා බාර දෙයි

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධිචෝදනා පත්‍ර භාර දීමට කටයුතු කළා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදීයි.

සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.

එම විත්තිකරුට අදාළ චෝදනා භාරදීම සඳහා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 29 වැනිදා කැඳවන ලෙසත් විසුරුවරයා නියම කළා.

Share This