හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි
ඖෂධ ගෙන්වීමට අදාළව ප්‍රකාශයක් ලබාදීමට

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජය නියෝජනය කල මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

Share This