හිටපු ජනපති ගෝඨාභය සහ විපක්ෂනායක ලඟ තියන් ජනපති අනුර කළ අපූරු කතාව (VIDEO)

හිටපු ජනපති ගෝඨාභය සහ විපක්ෂනායක ලඟ තියන් ජනපති අනුර කළ අපූරු කතාව (VIDEO)

මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්‍ෂමතාව දුරු කරන අතරම, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව අරඹා ඇති සටන ද ජයග්‍රහණය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවය අමතමින්.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් ‘යෙළසිය අභිමන්’ සැමරුම් උළෙල අද විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට මහා නායක ස්වාමින් වහන්සේ, අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකර සිටියා.

Share This