හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවතට

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවත් කර තිබෙනවා.

මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද(13) ඔවුන් සිය රාජකාරී අවසන් කර පිටවයාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක නිරත වී සමූහ ඡායාරූපයකට ද පෙනී ඇති බවයි වාර්තා වන්නේ.

Share This