හිටපු ජනපති මහින්දගේ නිල රථ ගැන නිවේදනයක්

හිටපු ජනපති මහින්දගේ නිල රථ ගැන නිවේදනයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක ඇතුළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි නොවන බවයි.

කෙසේ වෙතත් ඒ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව අනිද්දා දිනයේ නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

එම නිවේදනය පහතින්,

 

Share This