
හිටපු ජනාධිපති මහින්ද බලන්න අදත් ආපු පාක්ෂිකයෝ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විවිධ ප්‍රදේශවල ජනතාව අදත් තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියා.
මහින්ද රාජපක්ෂ මහතා යළි තංගල්ල කාල්ටන් නිවසට පැමිණි බව සැලවීමත් සමඟ දිවයිනේ නන් දෙසින් ජනතාව හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙමින් සිටිනවා.
එලෙස පැමිණි පිරිස අතර බොහෝ දුර ගෙවා පාපැදියෙන් පැමිණි යුවළක් ද සිටියා.
කුරුණෑගල, අම්බලන්තොට, කොළොන්න, ජා ඇළ ඇතුළු විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණ සිටි අතර ඔවුන් හිටපු ජනාධිපතිවරයා සමඟ ඡායාරූපවලටද පෙනී සිටියේ මෙලෙසයි.
කුඩා දරු දැරියන් පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණ හිටපු ජනාධිපතිවරයා හමුවේ ගීතයක් ගායනා කිරීම විශේෂයි.