
ආපදාවට පත් වූවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් අනිද්දා සියලු පක්ෂ නායකයින් කැඳවයි
“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ගත් මෙම තීරණය අනුව කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයට අනිද්දා දිනයේ (3)සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවයි.
2003 සහ 2016 වසර වල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව වජිර අබේවර්ධන මහතා පැවසුවා.
මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන ප්‍රථම අවස්ථාව මෙය බවද වජිර අබේවර්ධන මහතා සිහිපත් කළා.
