හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නැතැයි අධිකරණය පවසයි

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නැතැයි අධිකරණය පවසයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණිමේ ව්‍යපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවළ මහතා ප්‍රකාශ කළා.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළවයි.

අල්ලස් කොමිසම විසින් විමර්ශනයට අදාළව හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

ඒ කිරින්ද ධීවර වරායේ වැලි කැණිම් ව්‍යාපෘතියක් මෙහෙයවීමේදී රජයට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදු වූ බව කියන මූල්‍ය චෝදනා සම්බන්ධයෙන්.

මෙම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවළ මහතා ඉදිරියේ ඉදිරිපත් කෙරුණු අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහය දැක්වීම මඟහරිමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

නමුත් එවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා එම විමර්ශනයට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බවත් අදාළ වාර්තා පරීක්‍ෂා කිරීමකින් තොරව එවැනි නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බවත්, මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරින්ට පෙන්වා දුන්නේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා එම කොමිසමට නීතිමය බාධාවක් නොමැති බවයි.

Share This