හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණයට ඉදිරපත් වේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණයට ඉදිරපත් වේ

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(25) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වුණා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළේ විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩු 07 ක් ඉකුත්දා කැදවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කළා.

Share This