
හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේට ඇප
අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකරු අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇති බව සඳහන්.
2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණා.