හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වතිකානයේ උන්වහන්සේගේ නිවසේ දී ස්වර්ගස්ථ වී ඇති බවයි.

බෙනඩික් පාප් වහන්සේ 95 වන වියෙහි පසු වූ අතර උන්වහන්සේ 2005 වසරේ සිට 2013 දක්වා පාප් වහන්සේ ලෙස කටයුතු කළා.

එමෙන්ම පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනවාරි 02 වනදා සිට ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරන බවයි වතිකානුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

Share This