හිපෝ සත්ත්වයෙකුගේ ගැටුණු ඔරුවේ සිටි අය සොයා තවදුරටත් මෙහෙයුම් -සිරුරු 6ක් සොයා ගැනේ

හිපෝ සත්ත්වයෙකුගේ ගැටුණු ඔරුවේ සිටි අය සොයා තවදුරටත් මෙහෙයුම් -සිරුරු 6ක් සොයා ගැනේ

මලාවියේ දකුණු Nsanje ප්‍රදේශයේ Shire ගංගාවේ යාත්‍රා කරමින් තිබූ ඔරුවක් හිපෝ සත්ත්වයෙකුගේ ගැටීමෙන් පසු එය පෙරළීයාමෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සිරුරු 6ක් එරට ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

සිරුරු Shire ගංගාවේ විවිධ ස්ථානවලින් සොයා ගත් බවත් මෙහෙයුම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවත් Nsanje ප්‍රදේශයේ පොලිසිය සඳහන් කර තිබෙනවා

අනතුරෙන් පසු පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 20 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම ඔරුවේ පුද්ගලයින් 37 දෙනෙකු පමණ මොසැම්බිකානු ප්‍රදේශයේ සිට තම වගා කටයුතු සඳහා යමින් සිටි බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

Share This