හිමිකම් නොකියන සිරුරු සමූහ වශයෙන් මිහිදන් කිරීමට නයිජීරියාවේ විශ්ව විද්‍යාලයකින් සැලසුම් කරයි

හිමිකම් නොකියන සිරුරු සමූහ වශයෙන් මිහිදන් කිරීමට නයිජීරියාවේ විශ්ව විද්‍යාලයකින් සැලසුම් කරයි

ගිනිකොනදිග නයිජීරියාවේ Enugu ප්‍රාන්තයේ පිහිටි Godfrey Okoye විශ්ව විද්‍යාලයේ (GOUNI) ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ අතහැර දැමූ සිරුරු 33 ක් සමූහ වශයෙන් භූමදානය කිරීමට අධිකරණ අනුමැතිය ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

සමහර සිරුරු වසර 18 ක් තිස්සේ හිමිකම් නොලබන බව විශ්ව විද්‍යාලයේ උපකුලපති Christian Anieke පවසා තිබෙනවා .

සැලසුම් කර ඇති සමූහ භූමදානයට පෙර, සිරුරුවලට හිමිකම් කියන ලෙස විශ්වවිද්‍යාලය පවුල්වලට දින 21ක අවසාන නිවේදනයක් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

විශ්ව විද්‍යාලයේ උපකුලපති Christian Anieke වැඩිදුරටත් පවසා තිබෙන්නේ “මෘත ශරීරාගාරයේ සිරුරු තිබෙන අයට ඇවිත් ඒවා ඉවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි මෙතන කතා කරන්නේ මිනිසුන් ගැන මිස සතුන් ගැන නොවේ. ඇවිත් ඔබට සම්බන්ධතාවයක් තිබේදැයි පරීක්ෂා කරන්න, ”යනුවෙනුයි

විශ්වවිද්‍යාලය ශික්ෂණ රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීමට ඉඩ සැලසීම සඳහා සිරුරු ඉවත් කිරීමට අදහස් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This