හිම කුණාටුවකින් සිව් දෙනෙක් මරුට (VIDEO)

හිම කුණාටුවකින් සිව් දෙනෙක් මරුට (VIDEO)

ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ හිම කුණාටුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gerald Darmanin පවසා තිබෙනවා

මියගිය අයගෙන් දෙදෙනෙක් කඳුකර මගපෙන්වන්නන් බව ප්‍රාදේශීය නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටිනවා.

සුනඛයන් සහ කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායම් විපතට පත් අය වෙත ළඟා වීමට උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සිය සංවේගය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This