හිම කුණාටුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට

හිම කුණාටුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ 38ක් මරුට

පවතින අධික ශීත කාලගුණ තත්ත්වය සහ හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් 38 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම අමෙරිකාව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඉන් වැඩි බලපෑමක් නිව්යෝර්ක් ප්‍රාන්තයට සිදුව ඇති බව සඳහන්.

මීට අමතරව කැනඩාවේ මෙරිට් නගරයේ අයිස් සහිත මාර්ගයකට බස් රථයක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

හිම කුණාටුව කැනඩාවේ සිට දකුණට රියෝ ග්‍රෑන්ඩ් දක්වා ගමන් කරන අතර ඉදිරි දින කිහිපය තුළ කුණාටු තත්ත්වය ඉවත්ව යනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සුළි කුණාටුවත් සමග පුද්ගලයින් ලක්ෂ 2කට පමණ විදුලිය ඇනහිට තිබු අතර එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබෙනවා.

 

 

Share This