හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු පොලිස් දැලේ

හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු පොලිස් දැලේ

හිසට පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ගල්නෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ මෙම සැකකරු මත්පැන් පානය කළ බවත් පසුව දෙදෙනා අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවයි.

එහිදී මෙම පහරදීම සඳහා යොදා ගත් ලී පොල්ල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අවුරුදු 42ක් වයසැති චන්දනගම, කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28 ක් වයසැති ගල්කෙම, කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගල්නෑව පොලිසිය විසින් පවත්වාගෙන යන බව සඳහන්.

Share This