හිස්බුල්ලා නායකගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වෙන්න සූදානමින්

හිස්බුල්ලා නායකගේ අවමංගල්‍ය උත්සවයට දහස් ගණනක පිරිසක් සහභාගී වෙන්න සූදානමින්

ඝාතනයට ලක්වූ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ අවමංගල්‍ය උත්සවයට අවසන් ගෞරව දැක්වීමට දහස් ගණනක පිරිසක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට මාස පහකට පෙර නස්රල්ලා ඊශ්‍රායලය විසින් ඝාතනය කරන ලද අතර ආරක්ෂක හේතූන් මත ඔහුගේ පොදු අවමංගල්‍ය කටයුතු ප්‍රමාද වුණා.

ලොව පුරා සිට පැමිණි පුද්ගලයින් සහ ක්‍රියාකාරීන් දහස් ගණනකට අමතරව රටවල් 65ක පුද්ගලයින් 800 දෙනෙකු පමණ අවමංගල්‍යයට සහභාගී වීමටයි නියමිතව ඇත්තේ.

බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයේ ගුවන් තොටුපළ මාර්ගය අසල ඉඩමක නස්රාල්ලාව මිහිදන් කිරීමට නියමිතව තිබෙනවා.

Share This