හිස්බුල්ලා ප්‍රධානියෙක් මරුට – ඊශ්‍රායලයෙන් ලෙබනනයට එල්ලවූ ප්‍රහාරයකින් මියගිය බවට සැකයක්

හිස්බුල්ලා ප්‍රධානියෙක් මරුට – ඊශ්‍රායලයෙන් ලෙබනනයට එල්ලවූ ප්‍රහාරයකින් මියගිය බවට සැකයක්

ඊශ්‍රායලය විසින් සිදු කරන ලදැයි සැලකෙන දකුණු ලෙබනනයේ ප්‍රහාරයකින් තම අණ දෙන නිලධාරියෙකු මිය ගිය බව ලෙබනන් කණ්ඩායමක් වන හිස්බුල්ලා පවසනවා.

Radwan බලකායේ සාමාජිකයෙකු වූ Wissam Tawil වත්මන් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඝාතනයට ලක්වූ හිස්බුල්ලා චරිතයක් බවයි පැවසෙන්නේ .

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයක් නොකළ නමුත් දේශසීමා ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දුන් බවට ප්‍රකාශ කර තිබෙනවා

මෙම ගැටුම් පුළුල් කලාපීය ගැටුමක් පිලිබඳ භීතිය මතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හිස්බුල්ලා යනු ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායමක් වන අතර එය ලෙබනනයේ සැලකිය යුතු මිලිටරි සහ දේශපාලන බලයක් දරනවා .

එය ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ අනෙකුත් බටහිර බලවතුන් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසයි නම් කර තිබෙන්නේ .

Share This