හෙටින් ඇරඹෙන සතිය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක් (වීඩියෝ)
හෙට (04) සිට ආරම්භවන සතිය තුළ දිවයිනේ ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාර විභාග අවසන්ව ඇති බැවින් 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් ද පාසල් වෙත කැඳවීමට අවසර හිමි නොවන බවයි.
බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණක් බවයි දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ වාර පරීක්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළඟ පාසල් වර්ෂය සඳහා අවශ්‍ය සැළසුම් කටයුතු සිදුකළ යුතු බව ආධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.