හෙට කොළඹ සහ අවට ප්‍රදේශවලට පැය 9 ක් ජලය කැපේ

හෙට කොළඹ සහ අවට ප්‍රදේශවලට පැය 9 ක් ජලය කැපේ

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට හෙට (18) පෙ.ව. 10:00 සිට ප.ව. 7:00 දක්වා පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා .

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි.

මේ හේතුවෙන්, ජල සැපයුම අත්හිටුවන කාලය තුළ අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා පූර්ව සූදානමක් තබාගෙන ප්‍රමාණවත් ජල සැපයුමක් ගබඩා කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවලට ජල කප්පාදුව බලපානු ඇති.

කොළඹ 01 සිට කොළඹ 15 දක්වා

බත්තරමුල්ල

පැලවත්ත

හෝකන්දර

කොස්වත්ත

තලවතුගොඩ

රාජගිරිය

මිරිහාන

මාදිවෙල

නුගේගොඩ

නාවල

කොළොන්නාව

IDH (බෝවන රෝග රෝහල) ප්රදේශය

කොටිකාවත්ත

අංගොඩ

වැල්ලම්පිටිය

ඔරුගොඩවත්ත

මුල්ලේරියාව

මහරගම

බොරලැස්ගමුව

දෙහිවල

රත්මලාන

මොරටුව

Share This