හෙට දිනයේදීත් විදුලි කප්පාදුවක් (වීඩියෝ)

හෙට දිනයේදීත් විදුලි කප්පාදුවක් (වීඩියෝ)

හෙට (15) දිනයේත් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ අනුව හෙට (15) උදෑසන 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

A,B,C,D,E,F,G,H කලාප සඳහා හෙට (15) පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් විදුලිය විසන්ධි කෙරෙන අතර එම කලාපවලට පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැය එකයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

ඊට අමතරව හෙට (15) උදෑසන 9.00 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දුන්නා.

එමෙන්ම එම කලාපවලට පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් ද සිදු කෙරෙනවා.

Share This