හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

හෙට (02) දිනයේ උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයවල පිරිසට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, ඉහළ සඳහන් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිය හැකි බව සඳහන් වේ.

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Share This