
හෙට සිට කොහුවල මංසන්ධියේ ගමනාගමනය සීමා කරයි
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
ඒ අනුව මාස 02ක කාලයක් අදාළ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහා ජනතාවට දැනුම් දෙනවා.
එමෙන්ම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම තාවකාලිකව නවත්වා ඇති බවද සඳහන්.