හෙට සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්
හෙට (04) සිට ලබන 9 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කෙරෙනවා
ඒ අනුව කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිසට අදාළ එන්නත් මාත්‍රා ලබා ගත හැකි වනවා
සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අනුව වාර්තාවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයසේ පසුවන තරුණ පිරිස වන බවයි
ඔවුන්ගෙන් රෝගය සම්ප්‍රේෂණයවන බවට හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ විශේෂයෙන් මාස 09ට අඩු ළදරුවන් රෝගයට ගොදුරු වන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ