හෙද නිල ඇඳුමේ ප්‍රමිතිය වෙනස් කිරීමේ අදහසට එක්සත් හෙද සංගමයේ විරෝධය

හෙද නිල ඇඳුමේ ප්‍රමිතිය වෙනස් කිරීමේ අදහසට එක්සත් හෙද සංගමයේ විරෝධය

හෙද නිල ඇඳුමේ ප්‍රමිතිය වෙනස් කරනවාට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය විරෝධය පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරන එම හෙද සංගමය පෙන්වා දෙන්නේ යම් යම් අයගේ ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුව හෙද නිල ඇඳුම වෙනස් විය යුතු යැයි රජයේ වගකිවයුතු ඇමතිවරයකු කළ ප්‍රකාශයක් අනුව මෙම නිවේදනය නිකුත් කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

දැනට පිළිගත් ප්‍රමිතියක්ව පවතින ශ්‍රී ලංකා සංස්කෘතියට ගැලපෙන නිල ඇඳුම වෙනස් කරනවට වඩා පූර්ණ හෙද පිළිවෙත් අංග සම්පූර්ණව කළ නොහැකි බාධාවන් ඉවත් කොට කාර් යක්ෂම හෙද සේවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ඌනතාවයන් සපුරාලීම මේ සමයේ ඉතා වැදගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This