
හෙරොයින් කිලෝ දෙකක් සමග ඇල්ලූ සැකකරු
මුල්ලේරියාව, උඩමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී නිවසක සිදුකළ වැටලීමෙන් හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 218ක්, එම ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 667,000ක්, ජංගම දුරකථන 03ක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට මෝටර් රථයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු 41 හැවිරිදි වියේ පසුවන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.