
හෙරොයින් විකුණා රිමාන්ඩ් එකෙන් ඇවිත් කතක් මත්කරල් විකුණලා
රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්කරල් තොගයක් සමග 31 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය පැවසුවේ ඊට අමතරව අදාල සැකකාරිය සමඟ එම ජාවාරමෙන් උපයා ගත් බවට සැලකෙන රුපියල් 134,000 ක මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි.
දෙහිවල, ඕබන් පෙදෙසේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් මත් කරල් අලෙවියේ යෙදෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත සිටින්නියක බවයි.