හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි-සිව් දෙනෙක් මරුට(VIDEO)

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි-සිව් දෙනෙක් මරුට(VIDEO)

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුවන් යානා දෙකේ සිටි අනෙක් මගීන් නව දෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ක්වීන්ස්ලන්ත ගිලන්රථ සේවය සඳහන් කරනවා

කාන්තාවක් සහ කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බ්‍රිස්බේන් නගරයට දකුණින් කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි සංචාරක වෙරළ තීරුවක මෙම අනතුර සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This