හොංකොංහිදී ගුවන් යානයක ටයරය පුපුරා යාමෙන් මගීන් 11 දෙනෙකුට තුවාල

හොංකොංහිදී ගුවන් යානයක ටයරය පුපුරා යාමෙන් මගීන් 11 දෙනෙකුට තුවාල

හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට තිබූ ගුවන් යානයක ටයරය පුපුරා යාමෙන් මගීන් 11 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 17 දෙනෙකු සහ මගීන් 293 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

තුවාල ලැබූ මගීන් එකොළොස්දෙනා රෝහල්ගත කර ඇති අතර ඉන් නව දෙනෙකුම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන්

රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් ගුවන් යානයේ එක් ටයරයක් අධික ලෙස රත් වීම හේතුවෙන් එය පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ

Share This