හොංකොං ගොස් කොරෝනා මර්ධන එන්නත් බූස්ටර් මාත්‍රාව ගන්නා චීන වැසියන්

හොංකොං ගොස් කොරෝනා මර්ධන එන්නත් බූස්ටර් මාත්‍රාව ගන්නා චීන වැසියන්

හොංකොං දේශයට හෝ මැකෝ රාජ්‍යය ගොස් විදේශීය රටවල නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත බූස්ටර් මාත්‍රාව ලෙස ලබා ගැනිමේ අවස්ථාව චීන වැසියන්ට හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

දේශසීමා විවෘත කිරීමත් සමග එරට වැසියන් හොංකොං වෙත යන අතර එරට බූස්ටර් මාත්‍රාව ලෙස Pfizer එන්නත පදිංචිකරුවන් සඳහා ලබාදෙන්නේ නොමිලේයි.

එහෙත් හොංකොංහි පදිංචිකරුවන් නොවන පුද්ගලයින් සදහා තවදුරටත් කොරෝනා මර්ධන එන්නත නොමිලේ ලබා නොදීමට හොංකොං බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

එරට පදිංචිකරුවන් නොවන පුද්ගලයින් සදහා පුද්ගලික අංශය හරහා මුදල් ගෙවා කොරෝනා මර්ධන එන්නත් ලබා ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන රජය මෙතෙක් විදේශීය රටවල නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් සිය රට තුළ භාවිතයට අවසර ලබා දී නැහැ.

 

Share This